Sunday, March 29, 2020

බොහෝ අය පැමිණෙති වටයක් දෙකක් යාමට...



එපමණකි
....................................................
අන් දෙයක් නම් වෙත්ද මෙහි
පැමිණීම හා නික්මීම හැර
කල් තබා පැමිණි අය
නික්ම යන්නට පෙරාතුව
දෝතින් ගෙන පිළි ගනිත්
පැමිණෙන කලදි ඔබ

වටයකි දෙකකි එපමණකි
නික්මෙන්න ඔබට කල් සරිය

ඔබ පැමිණි බව හෝ ගිය බව
වැදගත්ද පොතේ ගුරුහට
තව බොහෝ අය පැමිණෙති
ඔබට පසු
වටයක් දෙකක් යාමට

(ආරියවංශ  රණවීර )

No comments:

Post a Comment