"එමි ය වැලිකඩ..."
රම්පෙ දාලා බතක් උයලා
හාල්මැස්සන් තෙල් දමා
දොම්පෙ ඉඳලා හිටන් ආවේ
පොඩි එකී අම්මට දමා
ලොකු එකී එක්කරන් ආවේ
මඟට තනියට නොවේ මා
වැටේ මල්වල මේ දවස්වල
බඹර පොර නම් නැත නිමා
කඩුල්ලේ ලණු බුරැල් කරගෙන
ඇතා පුඩුවක හිරවුණා
කිහිල්ලේ මල් දෙකක් ගහගෙන
පැල් කොටේ මං තනිවුනා
කැඩිල්ලේ හිස්තැන්වලින්
සුළි සුළං එන්නට වලිකනා
පැලැල්ලේ ලී තාම හයියයි
සුළං ගෙතුළට නොවදිනා
කොයිතරම් ජඩ වැඩ කළත්
දළ ඇතා පපුවෙහි ලියාගත්
එක ම ගෑනිගෙ නම මගේ නම
දන්න හින්දා මැරෙන තෙක්
එමි ය වැලිකඩ කවමි බත් පිඬ
පිසමි ඇස් අග කඳුළු කෙත්
රකිනු මැන බුදු සමිඳෙ සිරගත
මගෙ ඇතා පා ඔබේ මෙත්
කෞෂල්‍යා ජයලත්
( කහට ගවුමක අයිතිකාරිය )
No comments:
Post a Comment