Saturday, March 21, 2020

නුඹ කොයි තරම් සුවඳ ද මගේ හිත ගාව...

සඳ දිය දෙවුන සේ සිනහව පිපුනාම
නුඹ කොයි තරම් සුවඳද මගෙ හිත ගාව
දෑ කුල සිරිත් සිටි සඳ මග අවුරාන
හමුවී වැලපෙමුද මෙලෙසින් හැමදාම...

නෑඹුල් පැතුම් අහසට නැඟ රහසේම
දිළිසෙන්නේ ද පුර පස වී සඳපාන
ඒ හඳ ඇයි ද දියවක දී මුළු රෑම
දිය වී ගිහින් රැඳුණේ තරු ඇස ගාව...

සඳ දිය දෙවුන සේ සිනහව පිපුනාම
නුඹ කොයි තරම් සුවඳද මගෙ හිත ගාව
දෑ කුල සිරිත් සිටි සඳ මග අවුරාන
හමුවී වැලපෙමුද මෙලෙසින් හැමදාම...

ලය මත පිපුණු උණුසුම් සුසුමක සුවඳ
සෝදා හල හැකි ද ගැරහුම් රළ ගාව
කඩඉම ලඟ ඉඳන් වත් නුඹ හැමදාම
මට අත වනාපන් නළියන නළ සේම...

සඳ දිය දෙවුන සේ සිනහව පිපුනාම
නුඹ කොයි තරම් සුවඳද මගෙ හිත ගාව
දෑ කුල සිරිත් සිටි සඳ මග අවුරාන
හමුවී වැලපෙමුද මෙලෙසින් හැමදාම...

No comments:

Post a Comment