Tuesday, September 20, 2022

වෙහෙසකර කැපවීමක අග්‍රඵලය


උසස් පෙළ
#තාක්ෂණවේදය_සඳහා_විද්යාව ( #SFT ) විෂයයේ ගණිතය සංරචකයේ සංඛ්යානය ඒකකය වෙනුවෙන් මා විසින් රචිත පරිශීලන ග්රන්ථය අද (13) සිට මිල දී ගත හැකි ය. මෙම ග්රන්ථයත් සමඟ කොටස් හතරකින් යුතු #තාක්ෂණවේදය ග්රන්ථ මාලාව සම්පූර්ණ වේ.


උසස් පෙළ තාක්ෂණවේදය විෂය ධාරාව හදාරන සිසුන් සඳහා උපකාරක ග්රන්ථ ලෙස මෙම කෘති සම්පාදනය කර ඇත. සිසුන් පාසලේ දී ලබන දැනුමට අමතරව විෂය කරුණු තවදුරටත් වර්ධනය කොට අපේක්ෂිත නිපුණතා ලබාගත හැකි අන්දමටත්, පහසුවෙන් අධ්යයනය කළ හැකි ආකාරයටත්, ක්ෂණිකව මතක තබා ගත හැකි ආකාරයටත් මෙම පොත් ලියා ඇත. තාක්ෂණවේදය පිළිබඳව සිංහලෙන් රචිත විෂයානුබද්ධ පොත්වල ඇති හිඟය මඟහැරීම ද මෙහි අරමුණකි.
මෙම කෘති සකස් කිරීමට මූලාශ්ර වශයෙන් පරිශීලනය කළ පතපොතෙහි රචකයන් හා ප්රකාශකයන් කෘතවේදීව මෙහි දී සිහිපත් කරමි. එසේ ම මෙම කෘති ප්රකාශනය සඳහා නොපැකිළ ව භාරගත් බයෝග්රැෆික් ප්රකාශන ආයතනයේ අධිපති වීරතුංග තිලකරත්න මහතාත්, මුද්රණ කටයුතු කළ තරංජි ප්රින්ට්ස් ආයතනයත්, සෝදුපත් කියවා දෝෂ පෙන්වා දුන් විශ්රාමික ගණිත ගුරු උපදේශක වයි.වී.ආර්. විතාරම ගුරුපියාණනුත්, මුල් කවර නිර්මාණය කළ තිලිණි ජයංගනී නැගණියත් ස්තූති පූර්වක ව සිහිපත් කරමි. තව ද ග්රන්ථකරණයේ දී නිබඳව ආශිර්වාද කරමින් දිරිදෙන මා ප්රිය බිරිඳ සමන්තිකාත් මෙහිදී ආදරයෙන් සිහිපත් කරමි. මීට අමතරව මෙම කෘති සාර්ථක කර ගැනීම වෙනුවෙන් නන් අයුරින් සහයෝගය දැක් වූ සියලු දෙනාටත් මා එක සිතින් යුතුව ස්තූතිවන්ත වෙමි.
සරසවි, සමූද්රා, ගුණසේන, ගොඩගේ, මින්සර යන පොත්හල් හි සියලූම ශාඛාවලින් ද ශ්රී ලංකා පොත්හල(කෑගල්ල), සම්පත් පොත්හල(කුරුණෑගල), සංඛ පොත්හල(කිරිබත්ගොඩ) යන පොත්හල් වලින් ද මෙම පොත් මිලදී ගත හැකි ය.
අවසන් වශයෙන්, උසස් පෙළ තාක්ෂණවේදය හදාරණ දූ දරුවන් ඇතුළු සියලු පාඨකයන් හට මෙම කෘති මාලාව කියවා දැනුම ලබාගන්නා මෙන් ඇරයුම් කරමි.

No comments:

Post a Comment