Wednesday, August 7, 2019

දුම්මල ගලට ගිය අම්මා

දුම්මල ගලට ගිය අම්මා


දුම්මල ගල ඉමේ මහ මූකලානේ
අඳෝනාව ඇඟ හීගඩු නඟන්නේ
කන්දේ් පරවේණී උළලේනියන්නේ
රෑ සමයමේ ඇයි මා බය කරන්නේ

අපෙ අම්මා දුම්මල ගලවන්න ගියා
ඒවා මිටි බැඳං වඳුරඹ පොළට ගියා
හාල් ටිකට පොල් ගෙඩියට ණයක් තියා
කොපි පොතකුයි පැන්සලකුයි ගෙනෙන්නියා

වැහි වැහැලා ගල ආඳා බඩේ උනා
අම්මා එදත් ඒ ගල මුදුනටම උනා
රූටා ගිහිං පාවුළ ගලටත් රිදුනා
අම්මා තිව් විලාපය තවමත් ඇසෙනා

ඇළබඩ රුප්පාව ළඟ රෑ හඳපානේ
ඉන්නා කලට මට දුම්මල ගල පෙනුනේ
ලෝබ නැතුව ඔය ගල දුම්මල දුන්නේ
අම්මා පෙරළුවත් තරහක් නෑ හිතුනේ


ගිං ගඟේ විලාපය (1984)

No comments:

Post a Comment