Monday, December 23, 2019

හන්තානේ මතක....

හන්තාන කඳුවැටිය එදා වාගෙයි අදත්
මහවැලිය පුරුදු සේ ගලායාවී හෙටත්
සරසවියේ තුරුවදුලු මිලින වී නෑ තවත්
ඒත් අද කුමරියේ...ඔබ කොහෙද මම කොහෙද

එදා අප පෙම් වදන් දෙඩූ ලිය මඬුලු යට
පෙම්වතුන් පෙම් වදන් දොඩනවා
අප සමඟ එදා සිටි අවන්හල දෙසුම්හල
පුරුදු සේ බලාගෙන ඉන්නවා

මේ බිමේ සැඟව ඇති සිව් වසක අතීතය
යළි යළිත් මතකයට නැගෙනවා
මහත් වෙහෙසක් දරා සඟවන්න තැත් කළත්
නෙතු අගට කඳුලු බිඳු නැගෙනවා
       
                                        ගායනය-අමරසිරි පීරිස්